ඇය යන්න ගියා මැකිලා - ගීතයේ කථාව
- කැඩපත

- Jul 29, 2020
- 6 min read
Updated: Aug 3, 2020
Aya yanna giya makila - Amarasiri Peiris
කැඩපත Channel එකට Subscribe කරන්න - https://www.youtube.com/channel/UCqiMwFHbGYXc19S6uSupJuA?view_as=subscriber
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුන වසා..
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එලියේ මංපෙත පාදා රහසක් සගවා ගොලුවූ හදකින් යන්න ගියා මැකිලා ..
යලි කවදාවත් හමු නොවෙනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසිදින ඈ යලි නොයෙතැයි ගිම්හානෙට පෙර ..
ඇය යන්න ගියා කියන මේ විශිෂ්ඨ ගීතය දශක ගනනක් පැරණියි. ,හැබැයි මේ ගීතය අදත් හොදම විරහ ගීත අතර ඉහලින්ම රසිකයන්ගේ හිතේ රැඳිල තියන ගීතයක්. ඔයා නම් ගීතය අනිවාර්යෙන් අහලා ඇති. අමරසිරි පීරිස් ශූරීන් තමා මේ ගීතය බොහෝම හැගීම්බරව ගායනා කරන්නේ. මේ ගීතය රචනා වෙන්නෙ සුනිල් සරත් පෙරේරා කියන විශිශ්ට ගේය පද රචකයා අතින්. මේක ඔහු අතින් රචනා වෙන හොදම ගීත අතරින් එකක්. තනු නිර්මානය කරන්නෙ එච්.ඇම් ජයවර්ධනයන් .ගීතයේ අර්ථය ඉතා හොදින් හදවත් වලට කා වදින ආකාරයට තනු නිර්මානය කරන්න ඔහු සමත් වෙලා තියනවා. මේ ගීතයට ඔහු තනු නිර්මානය කරමින් සිටින අතරතුරේදී එච්.ඇම් ජයවර්ධනයන් ගේ බිරිඳ, මාලනී බුලත්සිංහල ඇමෙරිකාවේදී මිය යනවා. ඔහුට තනු නිර්මාණය කරන්න වෙන්නෙ ඒ විරහවත් සමග. ඔහුගේ ආදරණීය බිරිද මිය ශෝකයත් මේ ගීතයේ තනු අතර ගැබ් වෙලා තියනවා කියලා මේ ගීතය සවන් දෙන විට ඔබට තේරේවි. මේ ගීතය රචනා උන විදිහ සහ ගීතයට පාදක වුනු අතීත කතාව මම ඔයාට අන්තිමට කියනවා. ඒක මම අන්තිමට දැමමේ මොකුත් නිසා නෙවෙයි ගීතයක ඇත්ත කතාව හිතේ රැඳුනාම ඒ ගීතය විවිධ අර්ථ වලින් විඳින්න බැරි වෙන නිසා. අපි බලමු මේ ගීතය කොහොමද අපිට රස විඳින්න පුලුවන් කියලා. ව්‍යංගාර්තයෙන් ඔබ්බට මේ කැඩපත. විරහ වේදනාව කියන හැගීම ඔබට ජීවිතේ කවදාක හෝ මුනගැහිලා ඇති. ඒ කෙනෙක් මියයාමකින් වෙන්න පුලුවන්, එහෙම නැත්නම් කෙනෙක් හැර දාලයාමකින් වෙන්න පුලුවන්. කොහොම දැනුනත් ඒ වේදනාව විරහා වේදනාවම තමා. මේ ගීතය පෙම්වතිය වෙන්වයාමෙන් ඇතිවුනු විරහා වේදනාව හිතේ තද කරගෙන පෙම්වතෙක් ගයන ගීතයක්. අපි බලමු මේ පෙම්වතා කියන්න උත්සාහ කරන්නෙ මොනවද කියලා.
1. ඇය යන්න ගියා මැකිලා 2. වන සිරසක තුරු සෙවනැලි අතරේ 3. ගී ගයමින් හිඳ මා තුරුලේ 4. ඇය යන්න ගියා මැකිලා
ගීතය පටන් ගන්නෙ ' ඇය යන්න ගියා මැකිලා ' කියන පද පේලියෙන්. ගීතය පටන් ගන්න කලින්ම රචකයා පොඩි ඉගියක් දෙනවා ,ඇය යන්න ගිහිල්ලා. මැකිලා කියන පදයෙන් රසවිදින්නාගේ සිතේ පොඩි කුතුහලයක් ඇති කරන්න සමත් වෙනව මෙතනදි. පෙම්වතිය හැරදමා ගිය පෙම්වතෙක් තුල ඇත්තටම යම් බලාපොරොත්තුවක් තියනවා නැවත ආපසු ඇය ඒවි කියලා. නමුත් මෙතන යන්න ගියා මැකිලා කියන පදපේලියෙන් රචකයා අගවනවා, ඇය ආපසු නොයෙන්නම යන්න ගිහිල්ලා කියලා. ඊලග පද පේලිය දිහෑ පොඩ්ඩක් බලමු අපි. වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිද මා තුරුලේ. චිත්ත රූප මැවෙන පද පෙලක් . මෙතනදි රචයා අපිව අතීතයට අරගෙන යනවා. වන රොදවල්වල තුරු ලතා සෙවනේ මට තුරුල් වෙලා සතුටෙන් ගී කියමින් ඉදපු ආදරවන්තිය හැර දාලා ගිහිල්ලා. මෙතනදී රචකයා අගවන්න උත්සාහ කරන්නේ හැර යන්න කිසි හේතුවක් තිබ්බේ නැති බව. හොදට බලන්න ආපහු පද පේලි දෙක දිහෑ. පෙම්වතිය හදිස්සියේ යන්න ගිය බවක් තමා අපිට හැගෙන්නේ. මේ පදපේලිය ගන්න දෙයක් නැති බවක් තේරුනාට ඇත්තටම මේ ගීතයේ අන්තර්ගතය පදපේලි දෙකකින් විස්තර කරන්න පුලුවන්නම් මේ තමා හොදම පද පේලි දෙක. රචකයා කියන්න උත්සාහ කරන්නේ මම නම් තාම හේතුවක් දන්නේ නෑ කියලා. ඇත්තටම මේ ගීතය අගදි ඔයගොල්ලන්ට තේරුම් යයි. මේ පද ගොන්නටම තව පද පේලි 2 ක් එකතු වෙන්න ඕනෙ.
5. පිණි කඳුළක් මල් පෙති අග තවරා 6. මිහිදුම් සළුවෙන් මුහුන වසා..
බලන්න මෙතන කියන්න උත්සාහ කරන දේ. එකපාට බැලුවට ඔලුවට යන්නේ නෑ. මේ පේලි 2 න් කියවෙන්නෙ කොහොමද ඇය යන්න ගියේ කියලා. මෙතන රචකයා පෙම්වතිය සදකට උපමා කරලා තියනවා. මලට උපමා උනේ පෙම්වතා. මීදුම තියන දවසක මල් පෙති අග පොඩි පිනි බිදු රැදෙනවා. ඔයගොල්ලෝ දන්නවා පිනි බින්දුවක් රැදුනට ඒක වතුර බින්දුවක් වෙලා වැටෙන්න පිනි බින්දු රාශියක් එකතු වෙන්න ඕනෙ. ඕක ඔලුවෙ තියාගන්නකො. දැන් ඊලග පේලියට යමු. ඒ නොපෙනෙන මීදුම අස්සෙ සද නොපෙනී යනවා වගේ ඇය ඒ මීදුමෙන් මුහුන වසාගෙන ගිහිල්ලා.. පෙම්වතාට කිසිම අවස්තාවක් නෑ ඒ වෙන්වී යන මුහුන දකින්න. අඩුම ගානෙ හදිස්සියේ වෙන් වෙලා යන පෙම්වතිය යන්නේ කුමන හැගීමක් සිතේ දරාගෙනද, එක්කො තමන්ට ආදරෙන්ද නැත්නම් වෛරයෙන්ද යන්නේ කියලාවත් කතානායකයාට හොයාගන්න විදිහක් නෑ. ඒක නිසා ඔහුට තීරනයකට එන්න බෑ ඇත්තටම. අන්න ඒක නිසා අර මල්පෙති අග රැන්දුව ඒ පිනි බින්දුව තවත් පිනි බින්දු එක්ක එකතු වෙලා කඩා හැලෙන්න යන්නේ. මෙන්න මෙතනදි තමා අර මම කලින් කිව්ව පලවෙනි පදපේලියෙ තේරුම එන්නෙ. මල් පෙත්ත තමා පෙම්වතාගෙ නෙත්. මල් පෙති අග එහෙම නැත්න්ම් දෑස් අග පිනි බින්දුව තවරලා ඇය මීදුමට මුවා වෙලා යන්න ගිහින්. මල් පෙති අග පිනි බිංදුවෙන් බිංදුව එකතු වෙලා වතුර බින්දු බින්දු කඩා වැටෙනවා වගේ ඔහුගේ දෑසින් කදුලු ගලා යාවි කියලා තමා මේ කියන්නේ. මේ පද පේලි හයම එකට ආපහු පොඩ්ඩක් අහලා තේරුම ආපහු ගන්න බලන්න. මොකද හිතනවාට වඩා මහා අර්ථයක් ගැබ් වෙලා තියනවා. සාරාංශ කලොත්, මෙන්න මේකයි කියන්නේ. මාත් එක්ක අසීමිත ආදරයෙන් හිටිය මගේ පෙම්වතිය කවදාවත් නිම නොවෙන අසීමිත් දුකක් දීල, කිසිවක් නොකියා, මට දැනගන්නවත් කලින් හොරෙන් යන්න ගිහිල්ලා. මෙතන පෙම්වතාට යි රසිකයාට යි දෙන්නටම නොවිසදුන ගැටලුවක් තියනවා. ඇයි ඇය එහෙම යන්න ගියේ කියන එක. ඒක ඇත්තටම රචකයා ගීතය විදින්නාට ඕනෙ විදිහටබ්‍රස විදින්න සලස්වලා තියනවා. අන්න ඒක නිසා තමා මේ ගීතය ඉහල නිර්මාණාත්මකතාවයක් තියන ගීතයක් වෙන්න්නෙ. අපි ගීතයේ ඊලග කොටසට යමු. 7. නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ 8. සඳ එලියේ මංපෙත පාදා 9. රහසක් සගවා ගොලුවූ හදකින් 10. යන්න ගියා මැකිලා ..
මේ පද පේලි 4 ගත්තාම විවිද අර්ත දෙන්න පුලුවන්. අපි එකින් එක බලමු. නිල්ලනිලන නිල් කදුවැටි අතරේ. දැන් මේ වගේ රූපයක් මවාගන්න. රචකයා අපිව ගෙනියන්න හදන්නේ ලස්සන කදු තියන පලාතකට. සද එලියේ මංපෙත පාදා.. පෙම්වතිය ගිහින් තියෙන්නේ මාර්ගයක් දකින්න හරි හමං එලිය තියන වෙලාවකනම් නෙවේ. මෙතනදි ඔයගොල්ලන්ට හිතන්න ක්‍රම 2 ක් තියනවා. එකක් තමා මතුපිට අර්ථයෙන්. ඒ කියන්නේ පෙම්වතිය ගිහින් තියෙන්නෙ රාත්රී යාමෙක. එහෙම ගියොත් ඔයගොල්ලන්ට පහසුවෙන්ම එන අදහස තමා. පෙම්වතිය වෙන කෙනෙක් සමග පැනලා යන්න ඇති කියන එක. හරි සාදාරනයි. ඔයගොල්ලන්ට එහෙම රස විදින්න කිසිම බාදාවක් නෑ. ඒක තම තමන්ගේ අත්දැකීම් එක්ක එන්න ඕනෙ දෙයක්. ඒ උනාට මේකේ ඊට වඩා එහා ගිය පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු තේරුමකුත් තියනවා. අපි දවල් වරුවේ පාරක් හොයාගෙන ගියොත් අපිට පහසුවෙන්ම නිවැරදි මාර්ගය හොයාගන්න පිලුවන්. රෑ බෝ වෙලා හද එලියේ පාර හොයන්න ගියොත් මොකද වෙන්නෙ. ඇත්තටම වෙන්නෙ පාර වැරදිලා අතරමං වෙන එක. පෙම්වතා මේ කියන්න හදන්නෙ පෙම්වතිය ඔය ගිය ගමන ගියේ මහ රෑ පාරවල් හොයාගෙන ගමනක් යනවා වගේ. නියමිත ඉල්ලක්කයට යන්න හම්බෙන එකක් නෑ. පෙම්වතා දන්නවා ඇය යන්නේ හරි පාරෙ නෙවේ කියලා. මේ කියන්නේ ඔහුව දාලා යන්න ගත්තු තීරනය මොන හේතුවක් නිසා ගත්තත් ඒක වැරදි තීරනයක්, ආපහු මන් වගේ කෙනෙක් හම්බෙන එකක් නෑ කියලා තමා මේ කියන්නේ. අපි මේකෙ ඊලග පද දෙකත් තේරුම් අරන්ම අන්තිම තේරුමට එමු. රහසක් සගවා.. ගොලුවූ හදකින්.. යන්න ගියා මැකිලා. ඇය ඔහුට කියපු නැති දෙයක් තියනවා. රහසක් හන්ගගෙන ඉදලා. මෙතනදි ඒ රහස මොකක්ද කියලා කියන්නේ නෑ. ඒක රස විදින්නාට ඕනදෙයක් විහිහට රසවිදින්න කියල ප්‍රශ්නාර්තයක් ඉතුරු කරලා. ඒක වෙන පිරිමි පුද්ගලයෙක් ගැන වෙන්න පුලුවන්. එහෙම නැත්න්ම් නොගැලපීමක් වෙන්නන්පුලුවන්. පවුල් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මෙතන ගොලු වූ හදක් කියලා වචනයක් තියනවා. ගොලු පුද්ගලයෙක්ට පවසන්න බොහෝ දේ තිබුනත් ඔහුට පවසන්න හැකියාව නැහැ. ඒ අර්ථයම මේ වචන දෙකේ ගැබ් වෙලා තියනවා.මේ ආපහු කියන්නේ ඇය කුමක් හෝ රහසක් හිතේ හිරකරගෙන , යන්නගිහින් කියල. මේ පේලි ටිකේ සාරාංශය ගමු අපි. කදුකර ගම්මානයක මාත් සමග සතුටෙන් ඉදපු ඇය රහසක් හිතේ හිරකරගෙන ගොලුවෙක් වගේ මම කිසිදා ඇය යා යුතු යැය් ප්‍රාර්තනා නොකරපු වැරදි මාර්ගයක යන්න ගිහිල්ලා.
11. යලි කවදාවත් හමු නොවෙනා බව 12. මඳ පවනක් හිස අතගා කීවද 13. අදහා ගන්නට නොහැකිය කිසිදින 14. ඈ යලි නොයෙතැයි ගිම්හානෙට පෙර ..
ඔහුට යම්කිසි බලාපොරොත්තුවක් තියනව ඇය ආපසු තමන් ගාවට එයි කියලා. නමුත් ඒත් එක්කම ඔහුදන්නවා ඒක පුහු බලාපොරොත්තුවක් කියලා. සුලං හිස මත්තෙන් හමාගෙනබ්‍යනකොට ඔහුට හිතෙනවා සුලග පවා මගෙ හිස අතගාලා කියන්නේ තවත් බලාපොරොත්තු තියාගන්න එපා කියල. ඒ උනත් ඒ උනත් ඔහුට අදහන්න බෑ ඇය ආපහු එන්නෙ නෑ කියලා. මේ පද දෙක සෑම පෙම්වතෙකුටම පෙම්වතියකටම පොදුයි. බලන්න පෙම්වතිය එන්නෙ නෑ කියලා කොච්චර ඒත්තු ගියත් තවම ඒක විශ්වාස නෑ පෙම්වතාට. අදහා ගන්නට නොහැකිය කිසිදින ඈ යලි නොයෙතැයි ගිම්හානෙට පෙර. බලන්න මෙතන පද පේලි වල අර්තයේ ලස්සන. මෙතන ගිම්හානය කියන වචනයෙන් අදහස් කලේ ජීවිතයේ සැදෑ සමය. ඔහුට බලාපොරොත්තුවක් තියනවා වයසට ගිහින් හරි ඇය ඇත්ත තේරුම් ගනී කියලා. ඔහුගේ ජීවිතයේ සැදෑ සමයේ එසේ ඇය ඔහුව සොයා ආවත් ඔහු බාරගන්න, නැවත ආදරේ කරන්න සූදානම් කියලා තමා මේ කියන්නේ. ආදරය කියන වචනය පරිසමාප්ත අර්ත්‍යෙන්ම රැගෙන ආ ගීතයක් කියල කියන්න පුලුවන් මේක. දැන් ඉන්න පෙම්වතුන් පෙම්වතියන් වගේ නෙවේ. ඇය දාල ගියත් ඇයට කවදාවත් වෛර කරන්න බැරි මට්ටමේ ආදරයක් මේ පෙම්වතා තුල තිබිලා තියනවා.
මේ ගීතයේ සමස්ත අර්තය අපි පේලි කීපයකටගමු. ආදරෙන් වෙලිලා හිටපු තමන්ගේ පෙම්වතිය ඔහුට රහසක් හන්ගලා හදිස්සියේ ඔහුගෙන් වෙන්වෙලා යනවා. ඔහු දන්නවා කවදාවත් ආපහු මුන ගැසෙන්නේ නෑ කියලා. නමුත් ඔහුට අදහාගන්නට බෑ ඇය කවදා හෝ මැරෙන්ට පලමුව නැවත් ඔහු ගාවට නේවි කියලා. කවදා ආවත් තමන්ගේ ආදරය නොඅඩුව තියන බව පෙම්වතා හගවනවා.
හොදයි. මම මුලදි කිව්ව විදිහට මේ ගීතය විවිද ආකාරයෙන් රසවිදින්න ඔයගොල්ලන්ට පුලුවන්. එහි කිසිම උස් හෝ පහත් බවක් නෑ. ඔයගොල්ලන්ට හිතෙන තේරුම, එහෙමත් නැත්න්ම් මේ රසවින්දනේ වෙනස් වෙන්නනෝනෙ තැනක් තියනවනම්, පහල කොම්මෙන්ට් කරන්න. එතකොට මේක බලන අනික් අයටත් විවිද කෝන වලින් ගීතය රසවිදින්න පුලුවන්.
ගීතය රසවිඳින්න -
පසුබිම් කතාව අහන්න -

Comments